Friday, March 25, 2016

'ලෝකල් ගූ බ්‍රෑන්ඩ්' සහ 'අන්තර් ජාතික හීන මාන බ්‍රෑන්ඩ්'

 
 
ස්වර්ණවාහිනීය අර ටයි එකක් දාගත්තු මහත්තයාව වීඩියෝ කරන්න ගිහිල්ලා ගූ නාගත්තනේ. ඉතිං වීඩියෝ කරේ ඒ මහත්තයගෙං අහන්නෙ නැතුවනේ. ඒක වැරදිනේ. ඇට්ටි හැලෙන්න ෆේස් බුක්කො බැන්නනේ.

දැන් ගූගල් කාලෙකට කලිං අපෙං අහලැයි අර ජීප් එකේ වහලෙ උඩ කැ‍රකෙන කැමරාවෙං වීඩියෝ කරේ ලංකාවම. ලෝකෙමත් කරානේ. නමේම ගූ තියෙන නිසා වෙන්න ඇති ‍ෆේස් බුක්කො ඒකට ගූ නොගහ ඒ ගූ තලි තලි අරං වෝල් එකේ දාන්නේ - ආනේ මෙන්න අපේ ගේත් වැදිලා ආනේ මාවත් ගූගල් කැප්චර් කරලා කිය කිය. 
 
 

දැක්කැයි බ්‍රෑන්ඩ් වලත් 'ලෝකල් ගූ බ්‍රෑන්ඩ්' සහ 'අන්තර් ජාතික හීන මාන බ්‍රෑන්ඩ්' කියල ජාතියකුත් තියෙනවා.
 
 
 

2 comments:

  1. අන්තර් ජාතික නම් ඕනා දෙයක් හොඳයිනේ අපේ සමහර ඈයින්ට... ජයවේවා !!!

    ReplyDelete
  2. කොහොමත් ගුගල් වටිනව ලෝකෙටම
    ස්වර්ණවාහිනය මොනවද ?අපිට කරල තියෙන්නේ

    ReplyDelete